ශ්‍රී ලංකාව තුල අන්තර්ජාල භාවිතයේ ප්‍රවනතා.

2018 මහ බැංකු වාර්ථාව පෙන්වාදෙන පරිදි 2018 වර්ෂය වන විට ලංකාවේ ජංගම දුරකතන සම්බන්දතාවයන් මිලියන 32.5 ක් පමණ නිකුත් කර තිබී ඇත. මෙසේ ජංගම දුරකථන සම්බන්ධතා ප්‍රමාණය ඉහලයාමට සාපේක්‍ෂව එම වර්ෂය තුලදී එතෙක් පවත්වාගෙන ගිය ස්ථාවර දුරකථන සම්බන්දතාවයන් සංඛ්‍යාව 4.6% කින් පහතවැටී ඇත. එමෙන්ම 2018 වර්ශයේදී සමස්ත අන්තර්ජාල සම්බන්ධතාවයන් ප්‍රමාණය 2.3 % කින් වර්ධනය වී ඇත. මෙම වර්ධනයන් සමඟ ස්ථාවර දුරකථන විනිවිද යාම (පුද්ගලයින් 100 දෙනෙකු සඳහා සම්බන්ධතා වශයෙන්) සහ ජංගම දුරකථන විනිවිද යාම පිළිවෙලින් 11.5% සහ 150.1% ලෙස සඳහන්ව ඇත. මේ අතර, අන්තර්ජාලය විනිවිද යාම 2017 අවසානයේ 27.5% ට සාපේක්ෂව 2018 අවසන් වන විට එය 33.5% දක්වා වර්ධනය වී ඇත. (ශ්‍රී ලංකා මහ බැංකුව, 2018)


ශ්‍රී ලංකාවේ සයිබර් අපරාධවල ප්‍රවනතා

සර්ට් (CERT- Computer Emergency Readiness Team) ආයතයන හෙවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය කළ අනාවරණයකට අනුව පසුගිය වසරේ (2020) ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා එම ආයතනයට පරිගණක අපරාධ සම්බන්ධ මාර්ගගත පැමිණිලි 14657 ක් ලැබී ඇත. මින් පැමිණිලි 14284 ක්ම ලැබී තිබෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇති අපරාධ සම්බන්ධයෙන් වේ. මේ වන විට ලංකාව තුල දිනකට අන්තර්ජාලය හා සම්බන්ධ අපරාධ 40 ක් පමණ වාර්තාවන තත්ත්වයක් නිර්මාණයවී ඇත.


සයිබර් අපරාධවලට පෙළඹීම

සයිබර් අපරාධවලට පුද්ගලයින් පෙළඹෙන හේතු මොනවාදැයි සමාජ විද්‍යාඥයින් සහ අපරාධ විද්‍යාඥයින් විසින් මේ වන විට නිවැරදි ලෙස හඳුනා ගෙන ඇත. ඒ අනුව ප‍්‍රමුඛතාව අනුව එවැනි හේතු හතරක් ඔවුහු ඉදිරිපත් කරති.

I. මූල්‍යමය වාසි
II. සයිබර් අවකාශය තුළ නිර්ණාමිකව සහ අතථ්‍ය ලෙස පෙනී සිටීම
III. අත්හදා බැලීම
IV. පළිගැනීම

සයිබර් අපරාධවලට පුද්ගලයින් පෙළඹවන ප‍්‍රමුඛ හේතුව, එසේ නැතහොත් සයිබර් අපරාධවලින් 98% ක් ම සිදු කිරීමට පුද්ගලයින් පෙළඹවෙන්නේ මූල්‍යමය වාසි ලබාගැනීමට බවත්, සයිබර් අපරාධවලින් සුළු ප‍්‍රතිශතයක් අත්හදා බැලීමක් වශයෙන් සයිබර් අපරාධවල නිරත වන්නන්ගෙන් සිදුවන බවත්, සයිබර් අපරාධවල තවත් බිහිසුණු සහ සුලභ පැතිකඩක් පළිගැනීම හේතුවෙන් සිදු කරන බවටත් අනාවරණය වී ඇත.


සුලභ සයිබර් අපරාධ වර්ග

කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහිව සුලභ වශයෙන් සිදුවන සයිබර් අපරාධ වර්ග 07ක් සමාජ විද්‍යාඥයින් විසින් හඳුනා ගෙන ඇත.

I. ඉලෙක්ට්‍රොනික තැපෑල මගින් කෙරෙන අඩන්තේට්ටම්
II. සයිබර් අවකාශය හරහා රහසේ ලූහුබැඳීම
III. සයිබර් ආශ‍්‍රිත කාමෝද්දීපන නිරුවත් ප‍්‍රකාශන
IV. සයිබර් අවකාශය ආශ‍්‍රිත නොමනා ක‍්‍රියා
V. අපහාස කිරීම
VI. මෝෆිං (Morphing)
VII. විද්‍යුත් ලිපි ස්පූෆිං (Fsocity Hacking Tool Pack)

කෙසේ වුවත් ලංකාව තුල මේවන විට මෙවැනි වින්දිතයන්ට සහන සැලසීමටත් අපරාධකරුවන්ට දඩුවම් ලබාදීමටත් නොහැකි තත්ත්වයක් පැවතිම හේතුවෙන් මෙවැනි පැමිණිලි විශාල ප්‍රමාණයක් විසඳුමක් ලබාදීමකින් තොරව අවසන් කිරීමට සිදුවන තත්ත්වයක් නිර්මාණයවී ඇත.


volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න