blog-post

දිනෙන් දින වැඩි වන කාන්තා හා ළමා සයිබර් අපරාධ හමුවේ ඔබටත් මටත් ඇති යුතුකම

ලංකාව තුල කාන්තාව හා ළමුන් සයිබර් අපරාධයන්හි වින්දිතභාවයට පත්වීම මෑතකදී ඉහළයාමේ ප්‍රවනතාවයක් ඇතිව ඇති බවට තහවුරු කරමින් පසුගිය දිනයන්හිදී මාධ්‍ය හරහා වාර්තා කරන ලද ගාල්ල ප්‍රදේශයේ ගුරුවරයෙකු ලෙස පෙනීසිටිමින් ජංගම දුරකථනය හරහා ලිංගික අවයවයන් සම්බන්ධයෙන් දැරියන්ගෙන් විමසීම් කල දෙදරු පියෙක් අත්අඩංගුවට පත්වීමත්, අන්තර්ජාලය හරහා සිය මව විසින් පහලොස් හැවිරිදි තම දියණිය මුදලට විකුණා තිබු ආකාරයත් පිළිබඳව ඉතාමත් සෝචනීය පුවත් දෙකක් සම්බන්ධයෙන් කලකිරීමෙන් යුතුව මා මේ සටහන් තබන්නේ එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් ඔබටත් මටත් ඇති යුතුකම අවධාරණය කරනු පිණිසය.

වින්දිතභාවයට පත්වන කාන්තාවන් හා ළමුන්ගේ අනන්‍යතාවයන් සමාජ ගත කරමින් ඔවුන්ගේ අනාගතය අදුරේ හෙලීමට කටයුතු කරන, කුණු රසට ලොබ බඳින පාඨකයින් පිනවීමට පුවත් මවන, තම හාම්පුතුන් සතුටු කිරිමට තම මව, බිරිඳ සහ දියණිය වැනි වු තවත් කාන්තාවකගේ සහ දියණියකගේ ජීවිතය සමග සෙල්ලම් කරන ඇතැම් ජනමාධ්‍ය මහතුන්ට හා සමාජ මාධ්‍ය භාවිතා කරමින් ජීවිත සමග ගේම් ගහන උන්ට එරෙහිව ක්‍රියාත්මක වන්නට ශක්තිමත් නීති පද්ධතියක් මෙරට නොමැතිවීම සහ එවැනි නීතියක් ඇතිකර ගැනීම වෙනුවෙන් පාරට බසින මිනිසුන් නොමැතිවීම සමස්ථ සමාජයේම අභාග්‍යකි. මෙයට හොඳම උදාහරණයක් සපයමින් 15 හැවිරිදි දැරිය මුදලට විකිණිමේ සිදුවීමට අදාලව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරියට අනවශ්‍ය කරුණු අනාවරණය නොකර හොඳින් හිතා මතා කටයුතු කරන ලෙස ජනමාධ්‍යවේදින්ට ආරාධනා කිරීමට සිදුවිමෙන්ම පෙනීයයි.

ඇමරිකාවේ ජෝජ් ෆොලොයිඩ්ගේ ගෙල සිරකර ඝාතනය කල විට මහපාරට බැස මියගිය අයට යුක්තිය ඉටුකරන ලෙස තම පාලකයින්ට බල කිරීමට තරම් සංවේදී වූ ජනතාවක් එරට සිටීම මොනතරම් වාසනාවක්ද? ලෝකයේ ප්‍රජාත්‍රන්තවාදී රටවල තත්ත්වය එයයි. මා මේ කරුණු සියල්ල ගෙනහැර දක්වමින් කාන්තාවන්ට හා ළමුන්ට එරෙහිව සිදුවන අපරාධයන්ට දඬුවම් පැමිණවීමට ශක්තිමත් නීති පද්ධතියක් ගොඩනගා ගැනීම වෙනුවෙන් හඬනගා ගැනීමට පෙරට ආ යුතු බවත්, පාලකයන්ට ඒ සඳහා බල කල යුතු බවටත් යෝජනා කරන්නේ මෙවැනි අකරතැබ්බයකට මුහුණදීමට ඔබෙත් මගෙත් දියණියට, සහෝදරියට, බිරිඳට හෝ මවට සිදුවිය හැකි බැවිනි. ඕනෑම ගැටලුවකට පිලිතුර දාර්ශණික වන්නේ එය තමාගේ නොවන කල් පමණි. එබැවින් ඒ සඳහා හඬනගන, අරගල කරන දිනය හෙට නොව අද විය යුතුය.

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න