blog-post

බදුර්දීන්ගේ නිවසේදී පිළිස්සී මියගිය දැරිය ලියූ බවට සැක කරන සටහනක්...

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටියදී මියගිය දැරිය සිය කාමරයේ බිත්තියේ සටහන් කර ඇති බවට සැක කරන සටහනක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ කණ්ඩායම්වල අවධානය යොමුව තිබෙනවා. අපරාධ පරීක්ෂන දෙපාර්ත‍මේන්තු නිළධාරීන් ඒ පිළිබඳව දැඩි පරීක්ෂාවට ලක්කර ඇති බවයි වාර්තා වන්නේ.

එම සටහනේ ඉංග්‍රීසි අකුරින් සඳහන් කර තිබෙන්නේ 'මගේ මරණයට හේතුව' යන දෙමළ අදහසයි.

කෙසේ නමුත් එම සටහන දැරිය විසින් තැබූ සටහනක්ද එසේ නැතහොත් දැරිය මියයාමෙන් පසුව පරීක්ෂණ නොමග යැවීමේ අරමුණින් තබා ඇති සටහනක්ද යන්න පිළිබඳව පොලීසියේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කැඳවා ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගැනීමට නියමිතය.

උපුටාගැනීම - 2021.08.03 Lanka Newsweb

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න