blog-post

ළමා අපයෝජන චෝදනා එල්ල වූ හිමිනම රිමාන්ඩ්

ළමා අපයෝජන සිදුකළ බවට චෝදනා එල්ල වූ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පාසලක විදුහල්පති හිමිනමක් අධිකරණයට භාරවීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පාසලක දරුවන් අපයෝජනයන්ට ලක්කරන බවට එම පාසලේ විදුහල්පති හිමිනමට දෙමව්පියන්ගෙන් චෝදනා එල්ල වූ අතර මාපියන් පිරිසක් පසුගිය 30 වැනිදා හිඟුරක්ගොඩ නගරයේදී විරෝධතාවකද නිරත වුණා. එහිදී ඔවුන් හිඟුරක්ගොඩ පොලිසියටද චෝදනා කළේ අදාළ හිමිනමට එරෙහිව නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකරන බව පවසමින්.

අපයෝජනයට ලක් වූ බව කියන වයස අවුරුදු 15ක දරුවෙකු ඒ පිළිබඳව හිරු ප්‍රවෘත්ති වෙත අනාවරණ කළා. චෝදනා එල්ල වූ අදාළ විදුහල්පති හිමිනම අද පෙරවරුවේ නීතිඥවරුන් දෙදෙනෙකු මාර්ගයෙන් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූ අතර එහිදී හිමිනම ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.

එම අවස්ථාවේදී අපයෝජනයන්ට ලක් වූ බව කියන දරුවන්ගේ මාපියන් අධිකරණ සංකීර්ණය අසල නිහඬ විරෝධතාවකද නිරත වුණා.

මේ අතර හිටපු අමාත්‍ය රීෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි ඉෂාලිනී දැරිය පිළිස්සී මියයාමේ සිද්ධියට අදාළව මේ වන විට කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වන අතර පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාසය අද රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පරීක්ෂාවට ලක්කළා. අදත් වතුකරයේ විරෝධතා පැවැත්වුණා.

උපුටාගැනීම - 2021.08.06 gagana.lk

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න