සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී දැරියක් පිළිස්සුම් තුවාල සහිතව මියගිය සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාගේ බිරිඳ සහ මාමණ්ඩිය වගකිවයුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, දැරියගේ මරණය සම්බන්ධයෙන් කරුණු තුනක් යටතේ විමර්ශන සිදුකරන බවය.
එහිදී, "මේ දැරියගේ මරණය ගැන අපි කාරණා 3ක් ගැන අවධානය යොමු කරනවා. පළවෙනි එක මේ දැරිය මියගියේ කොහොමද? තාම අධිකරණය ඒක වාර්තා කරලා නෑ. අධිකරණය තමයි ඒ තීරණය දෙන්නේ. දෙවෙනි එක මේ දැරිය ලිංගික අපයෝජනයට ලක්වෙච්ච කාලපරිච්ඡේද දෙකක් තියෙනවා. එකක් ඒ දැරිය මේ නිවසට එනෙකම් නොවැම්බර් දක්වා කාලය. අනික් එක නොවැම්බර් ඉඳලා දැරිය මියගිය ජූලි 15 වෙනකම් කාලය. ඒ ගැන සාක්ෂි සහිතව අනාවරණය කරගන්න අවශ්‍යයි. තුන්වැනි එක දැරිය කෘරත්වයට භාජනයවීම. ඒ කාරණා ගැන අපි විමර්ශනය කරනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් බදියුදීන් මහතාගේ බිරිඳ වගකියන්න ඕනේ. බිරිඳගේ තාත්තා වගකියන්න ඕනේ." යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
උපුටාගැනීම - 2021.08.07 Ada derana.lk
