ය 13 හැවිරිදි සහෝදරිය ව අපයෝජනය කළ 12 හැවිරිදි සහෝදරයෙකු පිළිබඳ ව සිදුවීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවට ඕමන්ත පොලිසිය පවසනවා.
ඕමන්ත ප්‍රදේශවාසීන් පැවසුවේ ඕමන්ත නව්ලි ප්‍රදේශයේ දී 12 හැවිරිදි සහෝදරයා විසින් 13 හැවිරිදි සිය සහෝදරිය අපයෝජනය කළ සිදුවීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වූ බවයි. උදරාබාධ තත්ත්වයක් මත දැරිය රෝහල් ගත කිරීමෙන් අනතුරු ව සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වි ඇති බව ද ප්‍රදේශවාසීන් පවසනවා.
සිද්ධියට අදාළ වෛද්‍ය වාර්තා පරීක්ෂා කොට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවට ඕමන්ත පොලිසිය තවදුරටත් සඳහන් කළා.
උපුටාගැනීම - 2021.08.11 newshub.lk
