blog-post

බිරිඳ සහ දියණිය ඝාතනය කර වසර 6ක් සැඟවී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

සිය බිරිද සහ මාස හයක් වයසැති දියණිය ඝාතනය කර මල සිරුරු දෙක පුළුස්සා වසර හයක කාලයක් සැගවී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

සැකකරු විසින් සිය බිරිද සහ දියණිය ඝාතනය කර පුළුස්සා වල දැමූ ස්ථානය (08) දින පස්වරුවේ කැණීම සිදු කෙරුණා. එහිදී හමුවූ අස්ථි කොටස් ඉදිරි පරීක්ෂණ සදහා යොමු කර තිබෙනවා. සැකකාර 28 හැවිරිදි පරමේශ්වරන් මනෝරංජන් පුද්ගලයා වව්නියාව මුරුගන්වූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තාවේ. බිරිද සමග ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වි ඇත. සැකකරු වව්නියාව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වනදා තෙත් රක්ෂිත බන්ධනාගාරගත කොට තිබෙනවා.

උපුටාගැනීම - 2021.08.10 ITN NEWS

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න