blog-post

ජංගම දුරකථනයේ සියල්ල පටිගත කර දිවි නසාගත් පාසල් සිසුවිය

උඩුගම ගල්ලන්දල ප්‍රදේශයේ නිවසක ගෙල වැළලාගෙන මිය ගිය බවට සැක කරන 16 හැවිරිදි පාසල් දැරියකගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා ඊයේ (24)ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ගෙනවිත් තිබුණා.

මෙලෙස මිය ගිය සිසුවිය තම මව හා සහෝදරිය සමග නිවසේ සිට තිබෙනවා.නිවසේ කාමරයේ ඇති පරාලයක සාරි පොටකින් ගෙළ වැළලාගෙන ඇය මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඇය මෙම අවාසනාවන්ත තීරණය ගැනීමට පෙර සාරි පොටකින් තම ගෙල ගැටගසා ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් ඇයගේ ජංගම දුරකථනයේ තිබී හමු වී ඇති බව ද පරික්ෂණ සිදුකර උඩුගම පොලිසිය පවසනවා.ඇය ජංගම දුරකථනයට දැඩි ලෙස ඇබ්බැහි වී සිටි බවද පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.ගෙල වැල ලා ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනයන්ද ඇය විසින් දිවි හානිකර ගැනීමට පෙර නරඹා ඇති බවද පොලිස් පරික්ෂණවලින් හෙළිවී ඇති බවයි වාර්තා වන්නේ.උඩුගම පොලිසිය විසින් දැරිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

උපුටා ගැනීම - 2021.10.25 Asian mirror.lk

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න