blog-post

CIA හෙළිකරගත් අවුරුදු 14 ක බාල වයස්කාර දැරියගේ අපයෝජනය

වයස අවුරුදු 14 ක බාල වයස්කාර දැරියක් ඇගේ මවගේ අනුදැනුම මත දීර්ඝ කාලයක සිට ලිංගික අපයෝජනයට ලක් කළ සිදුවීමක් පිළිබඳව හිරු සී.අයි.ඒ.තොරතුරු අනාවරණය කර ගත්තා.

වයස අවුරුදු 15 ක දැරියක් වෙබ් අඩවි හරහා පුද්ගලයන් 30 කට ආසන්න පිරිසකට ලිංගික ක්‍රියාකාරකම් සඳහා අලවි කළ පුවතක් පසුගිය කාලයේ මෙරට මහත් ආන්දෝලනයක් ඇති කළා. වෛද්‍යවරුන්, පොලිස් නිලධාරීන් ආදී සමාජයේ ඉහළ තලවල පුද්ගලයන් රැසක් එම බාලවයස්කාර දැරිය මිලදී ගෙන තිබු බවත් වාර්තා වු අතර ඔවුන්ට විරුද්ධව මේ වනවිට අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

මව හා නැගනිය සමග කොළඹ - රාජගිරිය ප්‍රදේශයේ ජීවත්වන වයස අවුරුදු 14 ක බාලවයස්කාර දැරියකද ලිංගික අපයෝජනයට ලක්වීමේ පුවතක් වාර්තා වන්නේ එවන් පසුබිමකයි. ඒ තමන් දිගු කලක පටන් ලිංගික අපයෝජනයකට ලක්වන බව ඇය හිතවත් පුද්ගලයෙකුට හෙළි කිරීමත් සමගයි.

රාජගිරි‍යේ සමදරා නම් කාන්තාවක් ද දැරියව මුදලට අලෙවි කරන ජාවාරමට සම්බන්ධ බවට එහිදී කරුණු අනාවරණය වුණා.

උපුටා ගැනීම - 2021.10.24 Hiru News

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න