බාලවයස්කාර දැරියක් දූෂණයට ලක්ව ඇති පුවතක් පිටිගල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙම දැරියගේ වයස අවුරුදු 15ක් බව සඳහන්.
පිටිගල පොලීසිය පවසන්නේ සිදුව ඇති අපරාධයේ ප්‍රතිඵලයක් ලෙස අදාළ දැරිය මේවන ගැබිණියක් බවට ද පත්ව ඇති බව යි. දැරිය දූෂණය කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ද පොලීසිය සඳහන් කළා. ඔහු පිටිගල, පොතුවිලහේන, තලගස්පේ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක්.
මීට මාස 08කට පමණ පෙර ඔහු විසින් දැරිය දූෂණට ලක් කොට ඇති අතර මේවන විට ඇය මාස 07ක ගැබිණියක් බව යි පොලීසිය හඳුණාගෙන ඇත්තේ.වැඩිදුර පරීක්ෂණ සඳහා දැරිය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති බව සඳහන්.
බාලවයස්කාර දැරියක් ගැබ්ගෙන ඇති බවට පොලීසියට ලද තොරතුරක් මත ඇය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඒ ඔස්සේ අදාළ තරුණයා ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
උපුටා ගැනීම - 2021.10.15 Asian mirror.lk
