blog-post

පෙම්වතියට මත්වතුර පොවා දූෂණය කර නිරුවත් වීඩියෝ ඡායාරූප ගත් පෙම්වතා..

ඔක්කම්පිටිය පොලිස් වසමේ ගල්ටැම්මණ්ඩිය ප්‍රදේශයේ පදිංචි විසි හැවිරිදි තරුණියක් ඇයගේ පෙම්වතා විසින් බුත්තල ප්‍රදේශයේ ලැගුම්හලකට රැගෙන ගොස් මත්දියර පොවා දූෂණය කොට ඇයගේ නිරුවත් ඡායාරූප ලබාගෙන වීඩියෝ කොට, අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කළ තරුණයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

2021 මාර්තු මාසයේ 16 වැනි දින ඇයගේ පෙම්වතා බුත්තල නිවාඩු නිකේතනයකට කැඳවාගෙන ගොස් කාමරයක නතර වී මත්පැන් දියර වර්ගයක් බීමට සලස්වා ඇයව දූෂණය කරන අයුරු වීඩියෝ ගතකර ඡායාරූපද ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එම දර්ශන ඇයගේ ජංගම දුරකථනයට යවා සියලු ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව පවසමින් අවස්ථා කිහිපයකදී මුදල් ලබාගෙන ඇති බවත් සඳහන්. පසුව එම දර්ශන ඇයගේ මවගේ ජංගම දුරකථනයට එවා තිබෙනවා.

මේ පිළිබඳව අතවරයට ලක්වූ තරුණිය කොළඹ ළමා සහ කාන්තා කාර්යාංශයට දැනුම්දීමෙන් පසුව ඔක්කම්පිටිය, බුත්තල සහ කුඩාඔය පොලිස් ස්ථානවලට දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

උපුටාගැනීම - 2021.12.01 Gagana.lk

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න