blog-post

අතුරුදන් වූ දරුවන් සොයා පොලිස් පරීක්ෂණ අරඹයි.

කොටදෙණියාව පොලිස් වසමේ, වත්තේමුල්ල, බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි ඥාති සහෝදරයන් දෙදෙනෙකු ආගිය අතක් නොමැති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ. එම දරුවන් පසුගිය නොවැම්බර් මස 23 වන දා සිට එලෙස අතුරුදන්ව ඇතැයි පැමිණිල්ල ලැබී ඇත.පොලිස් මුලස්ථානය මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම දරුවන් අවුරුදු 10ක් සහ 12 යන වයස්වල පසුවන පිරිමි ළමුන් දෙදෙනෙක් බවය.

මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී අතුරුදන් වු ළමුන් දෙදෙනා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

ළමුන් දෙදෙනාගේ විස්තර පහතින් දැක්වේ.

නම - දිසානායක මුදියන්සේලාගේ කවීෂ සඳකැළුම්
වයස - අවුරුදු 10යි
රූප විස්තර - උඩ අඩි 4ක් පමණ, තලෙළුයි, කොණ්ඩය කොටට කපා ඇත. මුඛයේ උඩු ඇන්දේ දෙපස දත්දෙකක් වැටී ඇත.
අවසන් වරට ඇඳ සිටි ඇඳුම - නිල් පැහැති ටී ෂර්ට් එකක් හා කළු පැහැති කොටු සහිත කොට කලිසමක්.

නම - ජයසේකර මුදලිගේ අකිල දේදුණු
වයස - අවුරුදු 12යි
රූප විස්තර - උඩ අඩි 4යි අඟල් 10ක් පමණ, තලෙළුයි, කොණ්ඩය කොටට කපා ඇත. මුඛයේ උඩු ඇන්දේ දත් ඉදිරියට නෙරා ඇත.
අවසන් වරට ඇඳ සිටි ඇඳුම් - නිල් පැහැති කොලර් සහිත ටී ෂර්ට් එකක් සහ රතු පැහැති කොට කලිසමක්.

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න