blog-post

තම දියණිය බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ නරුම පියාට අත්වූ ඉරණම.

තම දැරිය අඹුකමට ගත් පියෙකු හට වසර 60ක සිර දඩුවමක් සහ රුපියල් 75,000ක් දඩ හා රුපියල් ලක්ෂ 10ක වන්දියක්ද ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණය නියෝග කර තිබෙනවා.

මවද නොමැති තම දියණියට බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ මෙම පියාට එරෙහිව අධි චෝදනා 03ක් යටතේ වැරදිකරු වු චුදිතයාට මෙම දඩුවම නියම කර තිබුණා.

එහිදී වසර 60ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්, රුපියල් 75,000ක දඩ මුදලක් හා අගතියට පත් චුදිතගේ බාලවයස්කාර දියණියට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසයි හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කර තිබුණේ.

උපුටාගැනීම - 2021.12.17 Asian Mirror.lk

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න