blog-post

මෙහෙකාර තරුණිය දුෂණය කල විශ්‍රාමික හමුදා බ්‍රිගේඩියර් නිවසින් පලා යයි.

තරුණියක් සිය නිවස තුලදී දූෂණයට ලක් කළ බව කියන උතුරු පළාත භාරව සිටි යුද හමුදාවේ විශ්‍රාමික උසස් නිලධාරියා නිවසින් පලාගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය සඳහන් කර සිටිනවා.

තන්තිරිමලේ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි එම තරුණියගෙන් ඉකුත් 13 වෙනි දින පානදුර දකුණ පොලිසියට ලද පැමිණිල්ලක් අනුව බ්‍රිගේඩියර්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා අවස්ථා කීපයකදී ඔහුගේ පානදුර නිවසට පොලිස් කණ්ඩායම් කිහිපයක් ගියද ඔහු නිවසින් බැහැරව ගොස් ඇති බව ඔහුගේ බිරිඳ පොලිස් නිලධාරීන් හා පවසා තිබූ බව පොලීසිය සඳහන් කර සිටින්නේ.

මීට සිව් මසකට පෙරදී බ්‍රිගේඩියර්වරයාගේ නිවසට මෙහෙකාර සේවය සඳහා පැමිණ තිබූ තන්තිරිමලේ තරුණියව නිවසේ තනිව හිඳි අවස්ථාවකදී දූෂණ ලක්කර අනතුරුව අවස්ථා කීපයකදී ඇය සමග අඹුසැමියන් ලෙස බ්‍රිගේඩියර්වරයා හැසිරී තිබූ බව තරුණියගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිසිය පවසන්නේ.

එම සිද්ධියෙන් අනතුරුව බ්‍රිගේඩියර්වරයාගේ නිවසේ දී තරුණියට හදිසියේ කලන්ත ගතියක් ඇති වීමෙන් අනතුරුව ඔවුන් විසින් ඇයව පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබුණා.අනතුරුව තරුණියගේ මව ගෙන්වා තරුණියව තන්තිරිමලේ ගම් ප්‍රදේශය කරා පිටත් කර හැරීමට බ්‍රිගේඩියර්වරයා ඇතුළු පිරිස කටයුතු කර ඇති බවයි පොලිසිය සඳහන් කර සිටින්නේ.

එම සිද්ධියෙන් අනතුරුව තරුණියට වරින් වර තදබල හිසේ කැක්කුමක් ඇති වී අනුරාධපුර ප්‍රදේශයේ රජයේ රෝහලකට ප්‍රතිකාර සඳහා ගිය අවස්ථාවේදී වෛද්‍යවරයා රෝග නිධානය පිළිබඳ විමසීමේදී බ්‍රිගේඩියර්වරයා ගෙන් තමන්ට වූ අතවරය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර තිබිණි.අනතුරුව එම වෛද්‍යවරයා විසින් පානදුර දකුණු පොලිසියට ඒ පිළිබඳ සිදුකළ දැනුම් දීමකින් අනතුරුව තරුණිය පොලිසිය වෙත ගෙන්වා ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කෙරුණා.

තරුණියට බ්‍රිගේඩියර්වරයාගෙන් සිදුවූ අතවරය සම්බන්ධයෙන් බි වාර්තාවක් මගින් පානදුර අධිකරණයට ද කරුණු මේ වනවිටත් වාර්තා කර ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවසුවේ.පාණදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂක ඉරේෂා කුමාරසිංහ මහත්මිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

උපුටාගැනිම - 2021.12.17 Noizetv .lk

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න