blog-post

අතුරුදන් වූ 12 හැවිරිදි දැරියකගේ සිරුරක් කැලෑවකින් සොයාගනී.

කැලෑබද ප්‍රදේශයක තිබී අද (18) උදෑසන දැරියකගේ සිරුරක් සොයා ගෙන තිබේ.එලෙස සොයාගෙන තිබුණේ 12 හැවිරිදි දැරියකගේ සිරුරකි.ඒ පුදුකුඩිඉරිප්පු - මුන්ගිල්ලාරු උතුර, උඩයාර්කට්ටු ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයකදීය.

පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසුවේ පසුගිය 15වනදා සවස් කාලයේ සිට අදාළ දැරිය අතුරුදන්ව සිටි බවය.ඇය පදිංචිව සිට තිබුණේ පුදුකුඩිඉරිප්පු - මුන්ගිල්ලාරු උතුර, උඩයාර්කට්ටු ප්‍රදේශයේය.

නිවසේ සිටියදී දැරිය අතුරුදන්ව ඇති බවට පොලීසියට ලද පැමිණිල්ලක් මත අදාළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී දැරියගේ සිරුර සොයාගෙන තිබේ.ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්ථා කර ඇත.පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මේ වනවිට මෘත ශරීරය මාන්චෝලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබේ.අදාළ මරණය සියදිවි හානි කරගැනීමක්ද නැතහොත් සාහසික ක්‍රියාවක්ද යන්න සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරට විමර්ශන සිදුකරයි.

උපුටාගැනීම - 2021.12.18 Ada derana.lk

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න