blog-post

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට කැත වැඩක් කළ ඕ.අයි.සී මාට්ටු.

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදු කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැක පිට ගන්දර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වරයා ඊයේ (24) රාත්‍රී සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.පොලිස් ස්ථානය තුලදී ආධුනික පොලිස් කොස්තාපල්වරියට ඔහු මෙම අතවරය සිදු කර තිබෙන බව කියති.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් මත ඒ පිළිබඳව විශේෂ විමරශනයක් සිදු කල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පොලිස් ස්ථානාධිපතිවරයා අත් අඩංගුවට ගනු ලැබීය.ඔහු අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

උපුටාගැනීම - 2021.12.25 Neth gossip.lk

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න