blog-post

කිලිනොච්චිය ප්‍රදේශයේදී පස්දරු මව මරා සිරුර කිඹුලන්ට කන්න දාලා.

කිලිනොච්චිය උදයනගර්,අම්බලකුලම්හි පස්දරු මවක ඝාතනය කොට ඇගේ සිරුර කිඹුලන් සිටින ඇළ මාර්ගකට දැමූ තරුණයකු කිලිනොච්චිය ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.එලෙස ඝාතනය කොට ඇත්තේ අම්බලකුලම් පදිංචි රාසේන්ද්‍රම් රාජලක්ෂ්මි නැමති මවකි.

මියගිය මව එංගලන්තයේ ලන්ඩන් හි සිය දරුවන් සමඟ පදිංචිව සිට මෑත කාලයේදී මෙරටට පැමිණ ඇති බවට අනාවරණයවී තිබේ.උදයනගර්,අම්බලකුලහි එම කාන්තාව තාවකාලිකව කුලී නිවසක පදිංචිව සිට ඇති අතර නිවසේ සිටියදී 27 රාත්‍රියේ සිට ඇය අතුරුදහන්ව ඇති බවට පොලිසිය වෙත පැමිණිලි ලැබී තිබුණි.

එම මව පදිංචිව සිටි නිවස පරීක්ෂා කිරීමේදී ලේ පැල්ලම් කිහිපයක් නිවසෙහි බිම තිබී පොලිසියට හමුවී ඇති අතර ප්‍රදේශවාසීන්ගේ තොරතුරු මත සිදුකළ වැඩිදුර විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවටගෙන තිබේ.ඝාතනයට ලක්වූ කාන්තාව පදිංචිව සිටි නිවසට යාබද නිවසේ පදිංචිව සිට ඇති සැකකරු කාන්තාව මරා සිරුර යතුරු පැදියක දමාගෙන නිවසේ සිට කිලෝමීටර 18 දුරින් පිහිටි කිඹුලන් බහුලව සිටින කන්දපුරම් හි ඇළමාර්ගයකට දමා ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

උපුටාගැනීම - 2021.12.28 Lanka deepa.lk

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න