blog-post

බලෙන් ගණිකාවන් කරන උස්බෙක් කතුන් ජාවාරමක් – ප්‍රභූ සහය නිසා විමර්ශනයට බාධා.

මෙරට හෝටලයක රැකියාවක් හෝ ළමා නිවාසයක සේවිකාවක ලෙස රැකියා ලබා දෙන බවට පොරොන්දු වී ලිංගික වහල් සේවය සඳහා උස්බෙකිස්තානයේ සිට කාන්තාවන් ජාවාරම් කිරීම පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබේ.

මිනිස් ජාවාරම් පිළිබඳ විමර්ශන කරන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත්තේ පසුගිය මාස කිහිපය තුළ එලෙස උස්බෙකිස්තානයේ සිට මෙරටට කාන්තාවන් ගණනාවක් ගෙනවිත් ඇති බවයි. මෙම ජාවාරම තුළ විදේශිකයින් සංචාරකයින් ලෙස හෝ රැකියා වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ ලිංගික වහල් සේවය සඳහා යොදවන බව අනාවරණය වී තිබේ.

මෙම ජාවාරමට හසුවූ ඇතැම් උස්බෙකිස්තාන කාන්තාවන් මෙම විමර්ශන සඳහා සහාය නොදැක්වීමට පියවර ගෙන ඇත්තේ විමර්ශනයේ නීතිමය ක්‍රියාවලියේදී විනිශ්චය ලැබෙනතුරු වසර දෙක තුනක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට සිදු වන බැවින් බව කියැවේ. එමෙන්ම මෙම ජාවාරමෙන් පලායන ඇතැම් කාන්තාවන් බොහෝවිට නවාතැන් හෝ ආරක්ෂක නිවාස පිළිබඳ ගැටලුවලට මුහුණ දී ඇත.

උපුටාගැනීම - 2021.12.31 News wallet.lk

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න