වයස අවුරුදු 13 ක බාල වයස්කාර දැරියක නිත්‍යානුකූල භාරකාරත්වයෙන් තොරව අපහරණය කිරීම සහ
පැහැර ගෙන යෑමේ චෝදනාව යටතේ 30 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන
පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පවසනවා.
දැරිය එදින පාසල් යන බව පවසා නිවසින් පිටව ගොස්මාතර බෝධිය අසලට පැමිණ 30 හැවිරිදි
පෙම්වතා හමු වී පාසල් ඇඳුම ද මාරු කර වෙනත් පාට ඇඳුමකින් මාතර බස්නැවතුම් පොළට දෙදෙනාම
පැමිණ ඉන් අනතුරුව මාතර තංගල්ල බසයකින් තංගල්ල ප්‍රදේශයට පැමිණ ඇත.
පසුව මොවුන් දෙදෙනා තංගල්ල ප්‍රදේශයේ උද්‍යනයක අශෝභන ලෙස හැසිරෙමින් සිටින බවට ලද
තොරතුරකට අනුව තංගල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් දැරිය සහ 30 හැවිරිදි සැකකරු
අත්අඩංගුවට ගෙන දැරිය සහ සැකකරු පිළිබඳ මාතර මූලස්ථාන පොලිසිය දැනුවත් කර ඇත.
මාතර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පිරිසක් තංගල්ල පොලිස්ස්ථානය වෙත පැමිණ සැකකරු සහ
දැරිය අත්ඩංගුවට ගෙන මාතර පොලිස්ස්ථානය වෙත රැගෙන ඒමෙන් පසු විමර්ශන කටයුතු සිදු කර ඇත. දැරිය වෛද්‍ය පරීක්ෂණන් සඳහා මාතර මහ රෝහල
වෙත ඉදිරිපත් කර ඇති බවත් 30 හැවිරිදි සැකකරු මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් නියමිත බව මාතර මූලස්ථාන පොලිසිය පැවසීය.
උපුටා ගැනීම https://gagana.lk/
