blog-post

බාලවයස් දරුවෝ දෙන්නෙක් නාගොල්ලාගම කැලයෙන් මතුවෙයි.

බාලවයස්කාර දරුවන් දෙදෙනකුමහව නාගොල්ලාගම තම්මිටගම කැලෑබද ප්‍රදේශයකදී අද (12) සොයා ගත් බව නාගොල්ලාගම පොලිසිය කියයි .

වයස අවුරුදු 16 සහ 14 ක වන දැරියක හා පිරිමි දරුවකු මෙලෙස සොයා ගත් බව පොලීසිය සඳහන් කළේය.

පොලිසියට ලද තොරතුරකට අනුව නාගොල්ලාගම ප්‍රදේශවාසීන් හා එක්ව කළ වැටලීමකදීමෙම දරුවන්දෙදෙනා සොයා ගෙන තිබේ.

ඊයේ (11) කොළඹ ප්‍රදේශයේ සිට බස් රථයෙන් කුරුණෑගලට පැමිණ ඉන්පසුකුරුණෑගල සිට දුම්රියෙන් නාගොල්ලාගම ප්‍රදේශයට පැමිණ ඇතැයිද තොරතුරු අණාවරණය වී ඇතැයිපොලීසිය කියයි.

මොවුන් එදින සවස පාළු නිවසකටගොස් ඇතිබවත් ඊයේ උදෑසන වෙනත් නිවසකට පැමිණ එම නිවසේ ගමන්මලු තබා කැලෑබද ප්‍රදේශය ට පැමිණ ඇතිබවට ද කරුණු තහවුරු වී ඇතැයිපොලීසිය කියයි .

මෙම දරුවන් නාගොල්ලාගම ප්‍රදේශයට පැමිණ ඇත්තේ මාලබේ ප්‍රදේශයේ පුද්ගලයකු සමග බවත්ඔහුනා ගොල්ලාගම ප්‍රදේශයේස්ථිර පදිංචිකරුවෙකුබවත් පොලිසිය සඳහන් කරයි .

දරුවන් සොයා ගන්නා විට සැකකරු නොසිටි බවත් සැකකරු කැලෑබද ප්‍රදේශයක සැඟව ඇතැයිද පවසන පොලිසිය සැකකරු සොයා වැඩිදුර විමර්ශන සිදු කරන බවද සදහන් කළේය.

උපුටා ගැනීම https://www.lankadeepa.lk

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න