blog-post

විවාහ කරගන්නා බව පවසා 17 හැවිරිදි තරුණියක් දූශනය කරයි.. සිදු වූ දේ.

විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබාදී 17 හැවිරිදි තරුණියකට අතවර කළ බව කියන 21 හැවිරිදි තරුණයෙකු බියගම පොලිසිය විසින් පසුගිය 13 වැනිදා පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණයා තමා සේවය කරන මල්වානේ, වල්ගම ප්‍රදේශයේ පුද්ගලික දුරකථන සේවා ආයතනයට එම තරුණිය ගෙනැවිත් ඇයට මේ අපරාධය සිදු කර ඇතැයි වාර්තාවේ.

මෙම තරුණයා සහ තරුණිය රාගම මහ රෝහලට ඇතුළත් කොට වෛද්‍ය පරීක්ෂණයකටද යොමු කර ඇත. තරුණිය නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි දමිළ තරුණියක් වන අතර තරුණයා මල්වානේ පදිංචි මුස්ලිම් තරුණයෙක් වේ.

ඔහුව මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. බියගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

උපුටා ගැනීම www.gagana.lk

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න