පියෙක් සහ පුතෙක් මහමඟදී පාසල් සිසුවෙකුට පහරදෙන සිද්ධියක් කළුතරින් වාර්තා විය.
පාසලේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් එම පහරදීම සිදුවී ඇති බව පොලීසිය පැවසීය.
එම පහරදීම ඊයේ (19) කළුතර සෙන්ට්රල් හන්දිය ප්රදේශයේදී සිදුවී ඇත.
එක් සිසුවෙකු තම පියා සමග පැමිණ එලෙස අනෙක් සිසුවාට පහරදී තිබුණේ ඔහුගේ නිවස ආසන්නයේ මාර්ගයකදීය.
දකුණු කළුතර පොලීසිය සඳහන් කළේ පහරදීමට සම්බන්ධ සිසුවා පොලිස් භාරයට ගත් බවත් පහරකෑමෙන් තුවාල ලැබූ සිසුවා කළුතර දිස්ත්රික් මහ රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන බවත්ය.
උපුටා ගැනීම http://sinhala.adaderana.lk/
