blog-post

පෙම් හබයක් දුරදිග යාමෙන් කඩවත 20 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට.

නවාතැන්පොළක තාවකාලිකව ලැඟුම් ගෙන සිටි පහළොස්හැවිරිදි තරුණියක් සමඟ සිටි පුද්ගලයෙකු එම තරුණියගේ පෙම්වතායැයි බව පැවසෙන 19 හැවිරිදි තරුණයෙකු විසින් වීදුරු කටුවකින් ඇන ඝාතනය කිරීමේ පුවතක් කඩවත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම සිද්ධියෙන් මියගොස්ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 20 හැවිරිදි තරුණයෙක් වන අතර ඔහු අදාළ තරුණිය සමඟ මීට පෙර ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

පොලිසිය විසින් මෙම ඝාතනයට සම්බන්ද 19 හැවිරිදි තරුණයා සහ 15 හැවිරිදි පෙම්වතියද අත්අඩංගුවට ගෙන තිබෙනව.

උපුටා ගැනීම https://www.hirunews.lk

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න