blog-post

සීසුවියකට පිහියෙන් ඇන්න 23 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට.

ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවියකට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකළ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි වියේ පසුවන තණමල්විල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

එහිදී සැකකරු විසින් මෙලෙස සිසුවියට තුවාල සිදුකිරීම සඳහා යොදාගත් පිහිය සහ පැහැරගෙන ගොස් තිබූ සිසුවියගේ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇත.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවයක් කඩවීම හේතුවෙන් මෙලෙස අදාළ සිසුවියට පිහියෙන් ඇන ඇති බවය.

එදින පැවති විභාගයකට පෙනී සිටීමට තණමල්විල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන එම සිසුවිය ලබුදූව උසස් තාක්ෂණ ආයතනය වෙත පැමිණි අවස්ථාවේ සැකකරු විසින් මෙලෙස පිහියෙන් ඇන ඇත.

පිහි ඇනුමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවිය මේ වනවිට ගාල්ල කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අක්මීමන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

උපුටා ගැනීම http://sinhala.adaderana.lk/

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න