blog-post

32 හැවිරිදි විදෙස් තරුණියක් මත්කර දූෂණය කරලා : තරුණියගේ මෙරට මිතුරාව අත්අඩංගුවට

කොල්ලුපිටියේ පිහිටි හෝටලයක් තුළ ජර්මන් ජාතික තරුණියක්ව මත්කර දූෂණය කිරීමේ සිද්ධියක් වාර්තා වනවා.

එම සිද්ධියට මුහුණදී ඇත්තේ 32 හැවිරිදි තරුණියක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් 28 හැවිරිදි මෙරට ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව කොල්ලුපිටිය පොලීසිය සඳහන් කළේ.

ජර්මන් තරුණියව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කර ඇති බවත් සැකකාර ව්‍යාපාරිකයා වසර 6ක පමණ කාලයක සිට ජර්මන් ජාතික තරුණියගේ මිතුරෙක් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ජර්මන් ජාතික තරුණියගේ පියා ලාංකිකයෙක් වන හිටපු නාවික නිලධාරියෙක් බවත් මව ජර්මන් ජාතික කාන්තාවක් බවත් වාර්තා වනවා.

ඉකුත් දෙසැම්බර් 18 වනදා මෙරටට පැමිණ ඇති ඇය තංගල්ල ප්‍රදේශයේ ඥාති නිවසක නැවතී සිට දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කර තිබෙනවා.

ඒ අතර සැකකාර ව්‍යාපාරිකයා සමග නුවර ප්‍රදේශයේ හෝටලයක සති දෙකක කාලයක් පමණ නවාතැන් ගෙන සිට ඇතැයි ද පොලීසිය පැවසුවා.

පසුගිය 6වනදා මෙරටින් පිටව යාමට නියමිතව සිටි තරුණිය ව්‍යාපාරිකයා සමග ඉකුත් 4වනදා කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයකට ගොස් ඇති අතර එදින රාත්‍රී සමාජශාලාවකට දෙදෙනාම ගොස් පසු දින අලුයම වනතෙක් එහි රැඳී සිටිමින් මත්පැන් පානය කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

තරුණියගේ ක්‍රෙඩිට් කාඩ් පත එම අවස්ථාවේදී අස්ථානගතවී ඇති අතර එහිදී දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුවී තිබෙනවා.

අනතුරුව තරුණිය පමණක් ත්‍රීරෝද රථයකින් ඇය නැවතී සිටි කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලය වෙත පැමිණ තිබෙනවා .

එහිදී ද ඇය මත්පැන් පානය කර ඇති අතර එම අවස්ථාවේදී හෝ රාත්‍රී සමාජශාලාවේදී මත්වීමට යමක් දෙන්නට ඇති බව තරුණිය පොලීසියට පැවසුවා.

තමන් නැවතී සිටි හෝටලයේදී නින්දෙන් අවදි වනවිට තමාට දූෂණයක් සිදුවී ඇති බව අනාවරණය වූ බවත් ඒ සම්බන්ධයෙන් සොයාගත් සාක්ෂිත් රැගෙන ඇය පොලීසිය වෙත ගොස් පැමිණිලි කර තිබෙනවා.

උපුටා ගැනීම Neth news.lk

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න