blog-post

15 හැවිරිදි දැරියක් දූෂණය කළ අධිවේගී පිවිසුමේ කොස්තාපල් අත්අඩංගුවට.

15 හැවිරිදි දැරියක් දූෂණයට ලක් කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිවේගී පිවිසුමක රාජකාරි කරන කොස්තාපල්වරයකු වන අතර ඔහු 53 හැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කියයි.

දැරිය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත. 44 හැවිරිදි දැරියගේ මව සමග සැකකාර කොස්තාපල්වරයා වසර නවයක සිට අනියම් සබඳතාවයක් පවත්වාගෙන යන අතර ඇය පදිංචි පොලිස් බල ප්‍රදේශයේ නිවසකදී මීට මාස හයකට පමණ ඉහත දී දැරිය දූෂණයට ලක්කර ඇතැයි සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

දැරියගේ මව, මෙන්ම රෝගීව සිටින මිත්තණිය සහ දැරිය පමණක් පදිංචිව සිටින අතර සැකකරු එකී මාස හයේදීම දින කීපයක් දැරිය දූෂණයට ලක්කර තිබූ බව වෛද්‍ය පරික්ෂණයෙන් අනාවරණය වී ඇතැයි පොලිස් නිලධාරියෙක් කියයි.

සැකකාර කොස්තාපල්වරයා දැරිය සමග ලිංගිකව හැසිරෙන අයුරු ජංගම දුරකතනයෙන් ද වීඩියෝ දර්ශනය කර ඇති බවට දැරිය සිදු කළ ප්‍රකාශයකින් අනාවරණය වූ බව එම නිලධාරියා කීය. සැකකරුගේ මෙම ක්‍රියාවට දැරිය අකැමැති වී ඇති අතර තම ජංගම දුරකතනයේ තියෙන අසැබි දර්ශන මුහුණු පොතට යොමු කරන බවට තර්ජනය කරමින් දැරියට සැකකරු මේ ආකාරයෙන් වරින් වර ලිංගික අතවර කර ඇතැයි පොලිසිය කියයි.

සැකකරුගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් දැරිය මවට පවසා තිබූ අතර ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකර තිබූ දැරියගේ මව ඇයට පවසා ඇත්තේ වෙනත් කාමරයකට ගොස් නිදාගන්නා ලෙස යයි විමර්ශනවලදී හෙළි වූ බව පොලිසිය කියයි.

අනතුරුව දැරිය මේ පිළිබඳ විදේශගතව සිටින සමීප ඥාතිවරියකට දුරකතනයෙන් පවසා තමන්ට පිහිට වන ලෙස හඬාවැටී ඇතැයි පොලිසිය කියයි. ඒ අනුව එම ඥාතිවරිය විසින් පොලිස් මූලස්ථානයේ සහන මැදිරිය වෙත දුරකතනයෙන් කරන ලද පැමිණිල්ලකින් අනතුරුව ඒ බව මොරගහහේන පොලිසියට කරන ලද දැනුම් දීමකින් අනතුරුව වහා ක්‍රියාත්මක වූ මොරගහහේන පොලිසියේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන දැරිය රෝහල් ගත කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

රෝහල්ගත කළ දැරිය වෛද්‍ය පරික්ෂණයට යොමු කිරීමෙන් අනතුරුව දැරිය දූෂණයට ලක් වී ඇති බවට අනාවරණය වූ බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. සැකකාර කොස්තාපල්වරයා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

උපුටා ගැනීම Colombox news.com

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න