blog-post

සයිබර් අපරාධ වලට එරෙහිව අප කලයුත්තේ කුමක්ද?

වර්තමාන ලෝකය තුළ තාක්‍ෂණික සංවර්ධනය හේතුවෙන් සමාජ රටාවන් වේගවත් වෙනස්විම් වලට ලක්වෙමින් පවති. විද්‍යාව හා තාක්‍ෂණයේ සිදුවු දැවැන්ත වෙනස්විම හමුවේ මිනිස් ශ්‍රමය වෙනුවට යන්ත්‍රසුත්‍ර ආදේශ කිරීම හා පරිගණකය වැනි යන්ත්‍රසුත්‍ර සොයා ගැනීම හේතුවෙන් මානව සංහතිය විශ්වය තුල යෝධ පියවර තබමින් සිටී. තාක්ෂණික දියුණුව ලෝකයේ ඉදිරි ගමන තිරණය කරන ප්‍රධාන සාධකය වන නමුත් එමගින් ඇතිවිය හැකි හානිකර සංසිද්ධීන් පිළිබඳව දැනුවත් වීම මගින්, තාක්ෂණයේ හොඳ උකහාගෙන එහි ඇති අයහපත් හානිකර බලපෑම් වලින් ගැලවීමට අවශ්‍ය උපක්‍රම නිර්මාණය කරමින් වඩාත් සුරක්‍ෂිත තාක්‍ෂණික ලෝකයක් ගොඩනගා ගත හැකිවනු ඇත.

තාක්‍ෂණික සුරක්‍ෂිතභාවය පිළිබඳව සිදු කරන සාකච්ජාවේදී “සයිබර් අපරාධ” යන මාතෘකාව වැඩි වශයෙන් කතාබහට ලක්වන අතර එය විග්‍රහ කිරීමේදී පරිගණකය හා අන්තර්ජාලය භාවිතා කරමින් මුල්‍ය වාසියක් හෝ තාක්‍ෂණික බිඳවැටීමක් ඉලක්ක කොටගෙන එක් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් පරිගණක උපාංග භාවිතා කරමින් සයිබර් අවකාශය හරහා සිදුකරන ඕනැම අපරාධක් සයිබර් අපරාධයක් ලෙස තේරුම් ගැනීම වඩාත් යෝග්‍ය වේ.

මේ වන විට ලෝකයම කොවිඩ් වසංගතයෙන් බැට කමින් සිටින පසුබිමක සිය නිවෙස්වලට කොටුවන පිරිස අන්තර්ජාලය හා පරිගණක භාවිතය වැඩිවීම හේතුවෙන් අන්තර්ජාල ක්‍රියාකාරකම් තුළ නව ප්‍රවණතා මතු වී ඇත. ඒ දෙස බලන කළ නිවසේ සිට රාජකාරි කිරීම, මාර්ගගත ඉගෙනීම, ඊ -වානිජ්‍ය, මාර්ගගත මුල්‍ය සේවා ආදිය හඳුන්වාදිය හැක. එමෙන්ම මෑතකාලය තුල ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) ආයතනයේ දත්ත අනුව ලංකාවේ සයිබර් අපරාධයන්හි වැඩිවිම කෙතරම්ද යත් අන්තර්ජාලය හරහා සිදුකරන අයුතු බලපෑම් ප්‍රමාණය 2019 දී 1493 සිට 2020 වන විට 5938 දක්වා වැඩිවී ඇත. වඩාත් සෝචනීය තත්තවය වන්නේ අන්තර්ජාලය හරහා සිදුකරන ළමා ලිංගික හින්සනයන් ප්‍රමාණය 238 සිට 796 දක්වා ඉහල යාමය. මේ හේතුවෙන් අදවන විට ශ්‍රි ලංකා පොලීසියට වෙනම සයිබර් අපරාධ අංශයක් පවා ස්ථාපිත කිරිමට සිදුව ඇත.

සම්මතයන්ට අනුකූලව ඉදිරියට යාමට හා සයිබර් ආරක්ෂණය වැඩිදියුණු කිරීමට අවශ්‍යනම් රටක් වශයෙන් අපට කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන සැලසුම් දියත් කිරීමට සිදුවේ. ඒ සඳහා රටක් වශයෙන් සයිබර් ප්‍රහාර සඳහා ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම, පරිශීලකයින්ගේ දැනුවත්භාවය ඇති කිරීම, පරිගණක ආශ්‍රිත අපරාධ සඳහා ප්‍රතිචාර දක්වනු ලබන ආයතනයන්ට අවශ්‍ය නෛතික රාමු බලගැන්වීම වැනි ක්‍රියාමාර්ග හරහා සයිබර් අවකාශය තුල සිදුවන අපරාධ සඳහා වැට බැඳීමට කටයුතු කළ යුතුය. එමෙන්ම සයිබර් අපරාධවලට එරෙහිව සටන් කිරීමට හා වර්තමාන අනාගත පරම්පරාවන් සඳහා ආරක්ෂිත රටක් ගොඩනැගීමට ආයතනික, ආංශික, ජාතික මට්ටමේ සාමුහික ප්‍ර‍වේශයක් අවශ්‍යතාවය කොතරම්ද යන්න පිළිබඳව බලධාරීන්ගේ ආවධානයද යොමුවිය යුතුය.

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න