මෙරට තුළ දැඩි ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව ඇති අන්තර්ජාලය හරහා අලෙවි වූ අවුරුදු 15ක දැරියගේ සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් සොයා ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ මෙහෙයුම් ආරම්භ කරතිබෙනවා.
පසුගිය සමය පුරාවට මෙම සිදුවීමට සම්බන්ධ විශාල පිරිසක් කොටුකර ගැනීමටද ශ්‍රී ලංකා පොලීසිය සමත් වූ අතර එම පිරිස අතර වෛද්‍යවරුන්, චීවරධාරීන්, දේශපානඥයින් ඇතුළු ඉහළ පෙළේ පොලිස් නිලධාරීන්ද සිටිනවා.
මේ අතර මෙම දැරියව මිලට ගත්තා යැයි සඳහන් වන පිරිසකගේ නම් ලැයිස්තුවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින අතර එම නම් ලැයිස්තුවේ මෙරට ඉහළ පෙළේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, කලාකරුවන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, ව්‍යාපාරිකයින් ඇතුළු දේශපාලනඥයින්ගේ ද නම් සඳහන් ව තිබුණා.
ඒ සඳහන්ව තිබූ නම් අතර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ද නම ඇතුළත්ව තිබුණා. ඔහු විසින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඒ පිළිබඳව කරුණු දැක්වීමක් සිය ෆේස්බුක් ගිනුම හරහා කර තිබුණා.
අන්තර්ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරියක් මිලට ගෙන දූෂණය කළ බවට විවිධ වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය ඔස්සේපළ වන නම් ලැයිස්තුව අසත්‍යක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා.
කිසිදු පදනමකින් තොරව මෙම නම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 13 දින පැමිණිල්ලක් ද යොමු කර තිබුණා.
උපුටාගැනීම 2021.07.15 Asian mirror
