blog-post

ඔන්ලයින් පංති පැවැත්වීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන බව කියමින් ශිෂ්‍යාවන්..

මාතර කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යංශය වෙත පිටබැද්දර ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලක් අනුව එම කාර්යංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද විමර්ශනයකදී එම පාසලේ ශිෂ්‍යාවන් සිවුදෙනෙකු අන්තර්ජාලය ඔස්සේ ලිංගික අපයෝජනයට ලක්කල බව කියන දුරකථන සමාගමක අලවි නියෝජිතයෙක් අත්අඩංගුවට ගෙන ඇත. 28 හැවිරිදි තරුණයෙක් වන මොහු පාසල් ශිෂ්‍යාවන් පිරිසකට සූම් තාක්‍ෂණය ඔස්සේ ඔන්ලයින් පංති පැවැත්වීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන බවට රවටා ඔවුන්ගේ දුරකථන අංක ලබාගෙන දිගින් දිගටම මෙම ශිෂ්‍යාවන් සිවුදෙනා සමග දුරකථනයෙන් සම්බන්ධවී අන්තර්ජාලය ඔස්සේ එම ශිෂ්‍යාවන්ගේ ඡායාරූප ලබාගෙන සැකකරු විසින් මෙම ශිෂ්‍යාවන් ලිංගික අපයෝජනයට ලක්කර ඇත. පොලීසිය විසින් 2021.07.08 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මොරවක මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු ලබන 22 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත.

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න