blog-post

15 වියැති දැරිය අපයොජන සිද්ධියේ මාලදිවයිනේ හිටපු ඇමතිට ඇප

අන්තර්ජාලය ඔස්සේ පළවූ දැන්වීමකින් ගෙන්වාගත් බාල වයස්කාර දැරියකට ලිංගික අපයෝජනය කළැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී මාලදිවයිනේ හිටපු රාජ්‍ය රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් අස්මාලි නමැත්තා රුපියල් 25,000 ක මුදල් ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කලාය.

මුදල් ඇපයට අමතරව රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් ද අධිකරණය මගින් සැකකරුට නියම කළේය. අද පැවැති හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී ඉන්දිත දැරිය විසින් සැකකරු හඳුනා ගනු ලැබුවාය. සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය සෑම ඉරු දිනකම උදේ 9ත් 12ත් අතර කාලයේදී කාන්තා හා ළමා කාර්යංශයේ පෙනී සිටින ලෙසට සැකකරුට නියෝග කලේය.

උපුටාගැනීම - 2021.07.17 Lanka deepa.lk

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න