blog-post

රූමස්සලදී 15 හැවිරිදි දැරියක අපයෝජනය සම්බන්ධයෙන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

කරන්දෙනිය ප්‍රදේශයේ වයස 15ක් වන පාසැල් දැරියක් අපයෝජනය කළ බවට වන චෝදනාවට බටපොල දොරල ප්‍රදේශයේ වයස 52ක පාසල් ගුරුවරයකු හා කරන්දෙනිය කිරිපේද්ද ප්‍රදේශයේ වයස 17ක තරුණයෙකු ලබන 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. කරන්දෙනියේ පදිංචි මෙම පාසල් දැරිය වෛද්‍ය පරික්ෂණය සදහා ඇල්පිටිය මුලික රෝහලට ඇතුලත් කර ඇත.

පසුගිය 15 දින ගාල්ල රූමස්සල වෙරළ තිරයේදි මෙම පාසැල් දැරිය සමඟ මෙම පුද්ගලයන් දෙදෙනා ප්‍රදේශවාසින් එක්ව අල්ලාගෙන හබරාදුව පොලිස්ථානයට භාර දි ඇති අතර පසුව කරන්දෙනිය පොලිස්ථානයට විමර්ශනය සදහා භාර කර ඇත. විමර්ශනයට අනුව කරන්දෙනිය මහා ඒදන්ඩ මංසන්දියේදි මෙම ගුරුවරයා ඔහුගේ මෝටරථයෙන් තරුණයා සමග ප්‍රේම සබදතාවයක් ඇති පාසැල් දැරියද නංවාගෙන රූමස්සලට රැගෙනගොස් තිබෙනවා. මෙම පාසැල් ගුරුවරයා දහම් පාසලක ප්‍රධානාචාර්ය වරයෙකුද වන බව පැවසේ.

උපුටාගැනීම - 2021.07.18 ITN News

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න