තම දියණියන් දෙදෙනා ලිංගික අපයෝජනයට ලක් කළ 36 හැවිරිදි පියෙකු ඇල්ල, දෙමෝදරදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, එම දියණියන් දෙදෙනා ගැබ් ගෙන ඇති බවය. ඔවුන් අවුරුදු 12 සහ 14 වියේ පසුවේ.
14 හැවිරිදි දියණිය උදරයේ වේදනාවක් හේතුවෙන් මව විසින් බදුල්ල රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇය ගැබ්ගෙන ඇති බවය. එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පියා සිදුකළ අපරාධය අනාවරණය වී තිබේ.
පසුව ඇයගේ බාල සහෝදරිය වන 12 හැවිරිදි දියණියව ද රෝහලට රැගෙනවිත් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී ඇයද ගැබ්ගෙන ඇති බව අනාවරණය වී තිබේ.
උපුටාගැනීම - 2021.07.18 Sri Lanka Mirror
