ගල්කිස්ස ප්‍රදේශයේ පහළොස් හැවිරිදි දැරියක මුදලට ලිංගික සේවයේ යෙදවීමේ සිද්ධිය තවමත් අවසන් වී නොමැත. පොලිස් නිලධාරීහු ඒ පිළිබඳව අඛණ්ඩව පරීක්ෂණ සිදු කරති. මෙරට බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියකදී වැඩිම සැකකරුවන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් සිද්ධිය ලෙස ද මෙය වාර්තාවේ. එම නිසා මෙම සිද්ධියේ පොලිස් පරීක්ෂණ පිළිබඳව විවිධ මාධ්‍ය මෙන්ම බහුතරයක් ජනතාවද ඇස ගසාගෙන සිටිති.
.
දෙදරු පියකු වන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති, තිදරු පියකු වන නාවික හමුදාවට අනුයුක්තව සේවය කළ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු, පොලිස් ක්‍රීඩා අංශයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු, රත්මලාන ප්‍රදේශයේ පදිංචි වයස හැට දෙකක් වන හිටපු බැංකු කළමනාකරුවෙකු, නැවක කපිතාන්වරයෙකු, නුවර ප්‍රදේශයේ නළුවෙකු, රත්නපුර ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු, දැරිය ගැන අන්තර්ජාලය හරහා දැන්වීම් පළ කළ වෙබ් අඩවි හතරක හිමිකරුවන් සහ කළමනාකරුවන් ඇතුළු සමාජයේ ඉහළ පැළැන්තියේ සහ පහළ පැළැන්තියේ පිරිසක් දැනටමත් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ලිපිය ලියන මොහොත වන විටත් අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන සංඛ්‍යාත්මකව 49 කි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබූ අතර චීවරධාරියෙකු ද ඒ අතර සිටින බව හෙළි විය. ඒ සමගම සමාජයේ බොහෝ පිරිස් එම සැකකාර චීවරධාරියා කවුරුන්ද යන්න පිළිබඳව සොයා බැලූහ. එහෙත් එම චීවරධාරියා කවුරුන්ද යන්න පිළිබඳවත්, ඔහු අත්අඩංගුවට ගත්තේ ද යන්න පිළිබඳවත් සොයා ගැනීමට කිසිවකුටත් නොහැකි වූහ. ඒ සමගම එම සැකකාර චීවරධාරියා පිළිබඳව සමාජ මාධ්‍ය ජාලාවල විවිධ තොරතුරු පළ වන්නට පටන් ගත්තේය..
.
උපුටාගැනීම - 2021.07.18 Lankacnews
