blog-post

බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර දැරිය මිය යාම ගැන ළමාරක්ෂක අධිකාරියෙනුත් පරීක්ෂණක්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටියදී පිලිස්සුම් තුවාල ලබා මිය ගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස පිලිස්සුම් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් තිබුණේ ආගරපතන, ඩයගම බටහිර කොටසේ පදිංචි 16 හැවිරිදි දැරියක්. ඇය ඉකුත් ඔක්තොම්බර් මාසයේදී තැරුව්කරුවෙකුගේ මාර්ගයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ මෙහෙකාර සේවයට යොමුකර තිබුණා. ළමා ශ්‍රමිකත්වය නීති විරෝධි ආකාරයෙන් භාවිත කර ඇත්දැයි මෙහිදී විමර්ශණ කිරීමට බලාපොරොත්තු වන බවයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

උපුටාගැනීම - 2021.07.20 Neth news.lk

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න