blog-post

දැරියක් රෑට රෑට කොල්ලෝ ගෙන්නගෙන, ආපු කොල්ලො 2ක් රිමාන්ඩ්

තම පියාගේ ජංගම දුරකථනයේ වූ මූණු පොත හරහා රාත්‍රී කාලයේ දවසට එක් අයකු බැගින් තරුණයන් නිවසට ගෙන්වාගෙන ඔවුන් සමඟ හැසිරුණු අවුරුදු 15ක පාසල් සිසුවියකගේ ප්‍රකාශයක් මත මාරවිල පොලිසිය අත්අඩංගුවට ගත් 19 හැවිරිදි තරුණයන් දෙදෙනකු අගෝස්තු 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට මාරවිල දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රඛිත පී. අබේරත්න මහතා නියෝග කර තිබේ.

පසුගිය අගෝස්තු 15 වැනිදා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේදී මේ නඩුව කැඳවා ඇත්තේ සිසුවියගේ නැන්දා කෙනෙකු විසින් මාරවිල පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් සිසුවියකගේ ප්‍රකාශයක් හේතුවෙනි.

කෙසේවුවද, මේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ තරුණයන් දෙදෙනකු පමණක් වන අතර ඇය තවත් තරුණයන් හත් අට දෙනකු සමඟ රාත්‍රී 10ත් 12ත් අතර කාලයේ නිවසේ නාන කාමරයේ ලිංගිකව හැසිරී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි පැවසේ.

මේ සිසුවිය සිය නැන්දාගේ නිවසේ නැවතී සිටියදී පියාගේ ජංගම දුරකථනයෙන් මුහුණු පොත ඔස්සේ තමා ගැන විස්තර පළකර තරුණයන් හා දුරකථන පණිවිඩ අනුව සම්බන්ධ වී ඔවුන් එම නිවසට ගෙන්වාගෙන ඇති බව මේ වන විට හෙළිව තිබේ. මාරවිල ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක ඉගෙනුම ලබන මෙම සිසුවිය වෛද්‍ය පරීක්ෂණ සඳහා මේ වන විට මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

උපුටාගැනීම - 2021.07.20 srilankamirror.com

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න