13 හැවිරිදි බාල වයස්කාර දැරියක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අපහරණය කිරීම හා අනුබල දීම පිළිබඳව එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් භික්ෂුවක් ඇතුළු සිව් දෙනෙකු අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. රාජගිරිය ප්රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් ඇතුළු සිව්දෙනකු මෙසේ අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණය විසින් එළඹෙන දෙවැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කර ඇත.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට තොරතුරු ලැබී ඇත්තේ දේව වරමක් ලබා දෙන බව පවසමින් ඇය පැහැරගෙන ගොස් අපයෝජනයට ලක් කර ඇති බවයි.
උපුටාගැනීම - 2021.07.21 Lanka C News
