blog-post

දැරියට අත වර කළ පියා අධිකරණයට බයේ නියගලා කා දිවිනසා ගනි

දෙමවුපියන්ගේ ආරවුලක් හේතුවෙන් සිය මිත්තණියගේ රැකවරණ මැද කල්ගෙවූ 14 හැවිරිදි බාලවයස්කාර දැරියක් අතවරයට ලක් කළ එම දැරියගේ පියා අධිකරණය හමුවට ඉදිරිපත්වීමට ඇතිබිය හේතුවෙන් දිවි නසාගත් පුවතක් නයිවල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වසර තුන හතරක කාලයක පටන් සිය පියා විසින් තමාට ලිංගික අතවර කරන බව දැරිය විසින් සිය මවට දැනුම් දීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කර තිබුණා.

පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ එම ඒකකයේ නිලධාරිනියන් විසින් සැකකාර 46 හැවිරිදි පියා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා. අනතුරුව නිවසට පැමිණි සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත්වීමට ඇති බිය හේතුවෙන් නියඟලා අලආහාරයට ගෙන සිය දිවි හානිකර ගෙන තිබෙනවා.

ගම්පහ (ජ්‍යෙ.පො.අ.) කේ. කේ. ඉන්දික ද සිල්වා, (සා.පො.අ.1) තුසිත කුමාර හා ගම්පහ මූලස්ථාන (ප්‍ර.පො.ප) සමන් ජයසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ප්‍රදීපා නිලන්ති හා (පො.ප.) ප්‍රියදර්ශනී සේනානායක යන නිලධාරිනියන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

උපුටාගැනීම - 2021.07.22 newsmania.lk

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න