blog-post

මුහුණුපොතින් හඳුනාගත් දැරිය බිය ගන්වා කප්පම් අරන්

මුහුණුපොත මඟින් හඳුනාගත් සිසුවියක් නවාතැන්පොළකට ගෙන ගොස් දූෂණය කොට පසුව එම දැරියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කොට කප්පම් ගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලිසිය ප්‍රකාශ කළේය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හපුගල පදිංචි 20 හැවිරිදි සැකකරුවෙකි. මේ සැකකරු දහසය හැවිරිදි සිසුවියක් මුහුණුපොත මඟින් හඳුනාගෙන ඇති අතර හිරිඹුර ප්‍රදේශයේ උපකාරක පන්තියක් අසලට ත්‍රිරෝද රථයකින් පැමිණ ඇය වෙනත් ස්ථානයකට ගෙන ගොස් දූෂණය කර ඇයගේ නිරුවත් ඡායාරූප ගෙන තිබේ. පසුව සැකකරු ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට පවසා බියට පත්කර මුදල් ඉල්ලීම හේතුවෙන් බියට පත් ඇය අවස්ථා කිහිපයකදීම තම පියාගේ මුදල් සොරකම් කර රුපියල් දසදහස, පහළොස්දහස, තිස්දහස ආදි වශයෙන් සැකකරුට දී තිබේ.

තමාගේ මුදල් අඩු වීම පිළිබඳ සොයා බැලීමේදී දියණිය විසින් මුදල් සොරකම් කර ඇති බවට පියා විසින් දැනගැනීමෙන් අනතරුව ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී දියණිය විසින් සිදු වූ දෙය පවසා ඇත. ඉන් පසු මේ පිළිබඳව පියා විසින් පෝද්දල පොලිසියේ පැමිණිල්ලක් කර තිබේ.

පෝද්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. එස්. සී. සංජීව, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා ලසන්ති, සැරයන් ගමගේ (59079) යන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

උපුටාගැනීම - 2021.07.22 dinamina.lk

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න