blog-post

බදියුදීන්ගේ නිවසේ තවත් මෙහෙකාරියක් දුෂණයක්.. ඔහුගේ මස්සිනාත් අත්අඩංගුවට

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතාගේ බිරිඳගේ සහෝදරයෙකුත් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ මන්ත්‍රීවරයාගේ නිල නිවසේ මෙහෙකාර සේවයේ සිටි 22 හැවිරිදි තරුණියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.

මන්ත‍්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියගිය දැරිය සම්බන්ධයෙන් මීට පෙර සේවයේ යෙදී සිටි මෙම කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අදාළ දූෂණය පිළිබඳව හෙළි කරගෙන තිබේ. ඒ අනුව 47 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ප‍්‍රශ්න කිරීමෙන් පසු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

උපුටාගැනීම - 2021.07.23 Lanka C news.com

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න