blog-post

ෆේස් බුක් ප්‍රහාරයන්ට එරෙහිව රංගන ශිල්පිනී අනූෂා දමයන්ති CID එයි

රංගන ශිල්පිනී අනූෂා දමයන්ති අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තම්නේතුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා පැමිණ තිබුණි.

තමන්ට එරෙහිව ෆේස් බුක් ඔස්සේ ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව එලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කර තිබුණේ.

අමාත්‍ය සරත් වීරසේකර මහතාවද සම්බන්ධ කරගනිමින් තමන්ට දැඩි මඩ ප්‍රහාරයක් ෆේස් බුක් ඔස්සේ සිදුවන බව ඇය සඳහන් කර ඇත. එලෙස තමන්ට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත්වන්නේ තමන් රාජපක්ෂ කඳවුර වෙනුවෙන් දැඩිව සටන් කළ කෙනෙක් වීම නිසා විය හැකි බවටයි ඇය කියාසිටියේ.

''කාන්තා ලිංගික හිංසනයට වැටෙන ගනයේ අපරාධයක් තමයි ඒ සිද්ධ වෙන්නේ. ඒ වගේ නින්දිත ක්‍රියාවල යෙදෙන පුද්ගලයින්ට දැඩි දඬුවම් දෙන්න ඕනේ කියන තමයි කියා හිටියේ. මම හීනෙකින්වත් හිතපු නැති මඩ ප්‍රහාරයක් මේ. වලාන දූෂණ මර්දන ඒකකයෙන් මගේ නිවස වැටලුවාට පස්සේ මම සරත් වීරසේකර ඇමතිතුමාට කෝල් කළා කියලා මේ ප්‍රචාරය යන්නේ. සමාජයට සුදුසු නැති ව්‍යාපාරයක යෙදුණ කියල මේ මඩ ප්‍රචාරය යන්නේ. මගේ අම්මා ඉන්නවා. අයියා ඉන්නවා. අයියගේ දරුවෝ ඉන්නවා. ඒ අය මේ සමාජයේ ඉන්න ඕනේ. මම කොන්ද කෙළින් තියාගෙන ඉන්න කෙනෙක්. මම හම්බ කරපු හැම සතයක්ම මම හම්බකරලා තියෙන්නේ මගේ ශ්‍රමයේ ශක්තියෙන්, කලා කටයුතු වලින්. මගේ හෘද සාක්ෂියට අනුව මම හරි අවංකයි.'' යනුවෙන් ඇය මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වා ඇත.

උපුටාගැනීම - 2021.07.23 Lankanews web.net

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න