blog-post

දියණියගේ පපුව අතගෑ මිතුරාට මාරාන්තික පොලු ප්‍රහාරයක්

පුද්ගලයෙකු විසින් පොල්ලකින් පහර දී සිය මිතුරා ඝාතනය කළ පුවතක් මතුගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. නිවසට පැමිණි මිතුරා තම, නව හැවිරිදි දියණියගේ පපු ප්‍රදේශය ස්පර්ශ කිරීමෙන් උරණ වී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

පෙරේදා (21) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර මිය ගිය පුද්ගලයා මතුගම, නාපිටිගල ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ. ඝාතනය සිදුකළ 33 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඊයේ (22) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී නියෝග කර ඇත්තේන දින 14ක කාලයක් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසටයි. මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය කළුතර, නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (23) දින සිදුකිරීමට නියමිත බවයි මතුගම පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර පරීක්ෂණ මතුගම පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

උපුටාගැනීම - 2021.07.23 Gagana.lk

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න