blog-post

15 වයසැති බාලවයස්කාර දැරියක් පැහැරගෙන ගිය පිය පුතු මාට්ටු.

සති දෙකක් පුරා අතුරුදන්ව සිටි බව කියන වයස අවුරුදු 15 වයසැති බාලවයස්කාර දැරියකට ලිංගික අපයයෝජනය සිදු කිරිම සහ එයට ආධාර අනුබල දුන් බව කියන පියපුතු දෙදෙනකු මොරටුව කොරලවැල්ලේ දී අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලීසිය කියයි.

බාල වයස්කාර දැරිය ආගිය අතක් නැති බව මිත්තනිය ගෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී සැකකාර පියපුතු දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අතුරුදහන් වූ බව කියන තරුණියගේ නිවස අසල මාර්ගයේ නිවසක සවිකර තිබූ ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ යමින් සිදුකළ විමර්ශනයේදී වයස අවුරුදු 25 සැකකාර තරුණයා සමඟ දැරිය පිටව යන ආකාරය විමර්ශනය වූ බව පොලිසිය කියයි. මේ පිළිබඳව සිදුකළ මූලික පරීක්ෂණයේදී තරුණයා හා දැරිය ෆේස්බුක් සමාජ ජාලයේ දී හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි. ඒ ඔස්සේ ගොඩනැගුණු මිතුරුකම පසුව ආදර සම්බන්ධතාවක් බවට පත්ව ඇති බව පොලිසිය කියයි.

ලිංගික අපයයෝජනයට ලක්වූ බව කියන දැරියගේ මව ව්දේශගතව සිටින අතර පියා හෙරොයින් පානයට ඇබ්බැහි වී සිය පවුල අතහැර ගොස් සිටින බව පොලීසිය පවසයි. අත්අඩංගුවට පත් පියාගේ වයස අවුරුදු හතලිස් දෙකක් බව පොලිසිය කියයි.

අපයෝජනයට ලක්වූ බව කියන බාලවයස්කාර දැරියක දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය පරීක්ෂණයක යොමු කර ඇති අතර සැකකාර පිය,පුතු දෙදෙනා මොරටු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

උපුටාගැනීම - 2021.07.25 Lankadeepa

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න