හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි 16 හැවිරිදි දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශ 30කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ අනුව එම ප්‍රකාශවල සඳහන් කරුණු සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක බව ඔහු සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන තැරැව්කරු වන ශංකර් නැමැත්තාගේ බැංකු ගිණුම් පිළිබඳ පරීක්ෂණ ද ක්‍රියාත්මක වෙමින් ඇති බව පොලීසිය පවසයි.
උපුටාගැනීම - 2021.07.25 Ada Derana
