blog-post

අපයෝජනයට ලක්වන දරුවන්ගේ සාක්ෂි පටිගත කිරීමට නව ක්‍රමවේදයක්

අපයෝජනයට ලක්වූ දරුවන්ගේ සාක්ෂි වීඩියෝ තාක්ෂණය ඔස්සේ පටිගත කිරීමේ ඒකක 9ක් පළාත් මට්ටමින් ස්ථාපිත කිරීමට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව එම පහසුකම් රෝහල් ආශ්‍රිතව ස්ථාපිත කිරීමට නියමිතය.

දරුවෙකු අධිකරණයේදී ප්‍රසිද්ධියේ සාක්ෂි ලබාදීමේදී විවිධ ගැටලුවලට මුහුණපෑමට සිදුවන හෙයින් එම සාක්ෂි වීඩියෝ පටිගත කිරීම් වශයෙන් ලබාගෙන අධිකරණය ක්‍රියාවලියේදී ඉදිරිපත් කිරීමට නියමිතය. කොළඹදී පමණක් දැනට එම පහසුකම් ඇති බැවින් පළාත් මට්ටමින් අදාළ පහසුකම් ඇති කිරීමට අවධානය යොමුකර තිබේ
උපුටා ගැනීම : https://bit.ly/36xpjlM

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න