නොරොච්චෝල, ආලංකුඩාවේ පදිංචි 14 හැවිරිදි දැරියක් වසර දෙකක් පුරා පිළිස්සීම් ඇතුළු දරුණු වධ හිංසනයන්ට ලක්කළ ඇයගේ නැන්දණිය හා දැරියගේ පියා නොරොච්චෝල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැරියගේ නැන්දණිය ලබන 2වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, දැරියගේ පියා ශරීර ඇප මත මුදා හැරුණි.
නොරොච්චෝල, ආලංකුඩාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මීට වසර 13කට පෙර අවුරුද්දක් වයසැති සිය දියණිය දේවාලයක් පවත්වාගෙන යන තම සහෝදරියකට ලබාදී තිබුණේ හදා වඩා ගැනීම සඳහාය. කෙසේවෙතත්, දැරියට පාසල් අධ්‍යාපනය පවා ලබානොදෙමින් නැන්දණිය විසින් වසර 2ක පමණ කාලයක් ඇයව දරුණු වධ හිංසනයන්ට නිරන්තරයෙන් ලක්කර තිබුණි.
උපුටාගැනීම - 2021.07.24 Ada Derana
