blog-post

ළමයින් මෙහෙකාර සේවයේ යොදවන ස්ථාන සොයා පොලිස් මෙහෙයුමක්

බස්නාහිර පළාත තුළ අවුරුදු 16ට අඩු ළමයින් මෙහෙකාර සේවයේ යොදවන ස්ථාන සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ (27) දිනයේ සිට එම මෙහෙයුම ක්‍රියාත්මක කරන බවය. වයස අවුරුදු 16ට අඩු දරුවන් නිවෙස්වල මෙහෙකාර සේවයට යොදා ගන්නා බව පසුගිය දිනවල සිදුවූ සිදුවීම්වලින් අනාවරණය වන බවත් එවැනි දරුවන් කෘෘරත්වයට භාජනය වන බවත් හෙළිවී ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

දරුවන් කෘෘරත්වයට භාජනය කර තිබේ නම් සහ නියමිත වයස සම්පූර්ණවීමට පෙර යම් ආකාරයකට මෙහෙකාර සේවයට යොදාගෙන ඇත්නම් එය රටේ අපරාධ නීතිය යටතේ වරදක් බවද අජිත් රෝහණ මහතා පැහැදිලි කළේය. ඒ අනුව මෙවැනි දරුවන් පිළිබඳව පොලීසියට ලැබෙන තොරතුරු මත ඔවුන් මුදා ගැනීමද සිදුකරනු ඇත.

උපුටාගැනීම - 2021.07.28 Ada Derana

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න