blog-post

බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි කාන්තාවන් කිහිපදෙනෙක් ප්‍රකාශ දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බව කියන බාලවයස්කරුවන්ගේ පවුල්වල ඥාතීන්ගෙන් (27) විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (27) හැටන් ඩයගම ප්‍රදේශයට පැමිණ අදාල ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඒ අනුව රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව මියගිය 16 හැවිරිදි ඉෂාලිනි දැරිය කොළඹට රැගෙන ආ තැරැව්කරුගේ පවුලේ සාමාජිකයින්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. එමෙන්ම මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි කාන්තාවන් කිහිපදෙනෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

මේ අතර දැරියගේ දේහය යළි ගොඩගෙන පරීක්ෂණ සිදුකරන ලෙස (26) අධිකරණය දැනුම්දුන් අතර ඒ සමග අද දිනයේ දැරිය මිහිදන් කළ සුසාන භූමියට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි. කෙසේවෙතත් මෘත දේහයක් යළි ගොඩ ගැනීමේදී අනුගමනය කළයුතු නීතිමය ක්‍රියාමාර්ග පවතින බැවින් ඊට අදාළව ඉදිරි දින කිහිපය තුළ දැරියගේ සිරුර ගොඩගැනීම සිදුකරනු ඇත.

උපුටාගැනීම - 2021.07.28 Ada Derana

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න