blog-post

කොල්ල කෑ ඡංගම දුරකතනයේ ලක් තරුණියන් අටකගේ නිරුවත් ඡායා

වත්තල ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු තම ජංගම දුරකතනය කොල්ල කෑ බවට ලැබුණු පැමිණිල්ලක් අනුව එම සැකකරුවන් දෙදෙනා සමග අත් අඩංගුවට ගත් එම ජංගම දුරකතනයේ වයස 18-20 අතර වියේ පසුවන ලාංකික තරුණියන් 8 දෙනකුගේ නිරුවත් ඡායාරුප සහ අසාභ්‍ය විඩියෝ දර්ශන ද අන්තර්ගතව තිබිම නිසා දුරකතනය හිමි පැමිණිලිකරු ද අත් අඩංගුවට ගත් බව බව වත්තල පොලිසිය පවසයි. සිද්ධිය සමිබන්ධයෙන් මෙසේ සැකපිට අත් අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවෙල පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.
.
දුරකතනය කොල්ලකන ලදැයි පැවසෙන වත්තල පදිංචි 25 සහ 30 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකුද පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය. වත්තල පදිංචි තරුණයන් දෙදෙනකු ජංගම දුරකතනයක් මිළදි ගැනිමට අවශ්‍ය බව පවසා පැමිණිලිකරු දෙහිවල සිට වත්තලට ගෙන්වා ගෙන තමන් සතු ලක්ෂයකට අධික වටිනා කමකින් යුත් තම දුරකතනය පැහර ගත් බව වත්තල පොලිසියට පැමිණිල්ලක් ඉදිරි පත් කොට ඇත. සිද්ධිය සමිබන්ධයෙන් සිදුකරණ ලද පරික්ෂණ කටයුතුවලින් අනතුරුව සැකකරුවන් දෙදෙදෙනකු සමග අදාල ජංගම දුරකතනයද අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
.
ඡංගම දුරකතනය කොල්ල කෑ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවකුගේ පෙමිවතියගේ නිරුවත් ඡායාරුපයයක් එම ජංගම දුරකතයේ තිබෙන බවට පොලිසියට ලැබුණු තොරතුරු අනුව පරික්ෂා කිරීමේදී ශ්‍රි ලාංකික තරුණියන් තවත් අට දෙනකුගේ සහ තවත් අසාභ්‍ය දර්ශන ඇතුලත් විඩියෝ හඩ පටියක් සොයා ගැනිමට හැකිවු බව පොලිසිය පවසයි.
.
උපුටාගැනීම - 2021.07.29 lankadeepa.lk

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න