නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලය හරහා මුදාහැරීමේ චෝදනා සම්බන්ධයෙන් පසුගිය සතියක කාලය තුළ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය වෙත ලැබී තිබූ පැමිණිලිවලට අදාළව සිදු කෙරුණු විමර්ශනවලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.
ඒ අනුව, 26 හැවිරිදි පුද්ගලයෙකු පිටකෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. තවත් 26 හැවිරිදි පුද්ගලයෙකු රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුට ගෙන ඇති අතර මහනුවර පූජාපිටිය ප්‍රදේශයේදී 23 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත. පිළියන්දල නාම්පමුණුව ප්‍රදේශයේදී ද 39 හැවිරිදි පුද්ගලයෙක් සහ ගම්පහ ප්‍රදේශයේදී 31 හැවිරිදි පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
එම 31 හැවිරිදි පුද්ගලයා විසින් තවත් අයෙකුගේ ෆේස්බුක් ගිණුමට ඇතුළු වී ඔහුගේ මුරපදය වෙනස් කර අසභ්‍ය ඡායාරූප ඇතුළත් කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර තවදුරටත් විමර්ශන කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. විවාහවීමට පෙර පෙම්වතුන් ලෙස සිටියදී ලබාගන්නා ඡායාරූප සහ වීඩියෝ දර්ශන වෙනත් කෙනෙකු සමග විවාහ වන අවස්ථාවේදී විවිධ ආකාරයට සමාජ මාධ්‍ය ජාලවල පළ කිරීම ප්‍රවණතාවයක් මේ වනවිට දක්නට ලැබෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
උපුටා ගැනීම : https://bit.ly/2VCWPVy
