blog-post

රිෂාඩ්ගේ මෙහෙකාරිය බාල වයස්කාරියක් නෙමෙයි…! සිය දිවි නසාගත් බවත් ඇය ප්‍රකාශ කරලා..! දූෂණයක් වුණත් මිය ගිය පසු නීතියක් නෑ….!

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී මියගිය දැරියගේ වයස අවුරුදු පහළවක් ලෙස මාධ්‍ය වාර්තා කළ ද ඈ බාලවයස්කාරියක් නොව වයස අවුරුදු 16ක තරුණියක් බව නීතිඥ ගුණරත්න වන්නිනායක සඳහන් කරයි. තමන් විසින් සිරුරට ගිනි තබා ගත් බව ඇය මරණාසන්න ප‍්‍රකාශය ලෙස වෛද්‍යවරයා වෙත ප්‍රකාශ කර ඇතැයි ද ඔහු පවසයි.

මියගිය තැනැත්තියගේ මරණාසන්න ප්‍රකාශය සාක්ෂි බවට පත්වන අතර ඉන් එහාට ගොස් නැවත පරීක්ෂණ කිරීමේ හැකියාවක් නැති බව ද ඔහු පෙන්වා දෙයි. මෙම නඩුවේ ස්වභාවය අනුව එම මරණය සියදිවි නසා ගැනීමක් බව ද ඔහු සඳහන් කළේය.

ඇයට දුෂණයක් හෝ ලිංගික බලපෑමක් වී තිබුණා ද ඇය මියගොස් ඇති නිසා ඒ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කල නොහැකි බවට ද ඔහු තර්ක කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවක දී නීතිඥ ගුණරත්න වන්නිනායක මෙම අදහස් පල කළේ ය.

උපුටාගැනීම - 2021.07.31 Emanisa.lk

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න